Search

වාහන 08ක් එකිනෙක ගැටී M4 අධිවේගී මාර්ගයේ කි.මී 11 ක තදබදයක්

සිඩ්නි හි M4 අධිවේගී මාර්ගයේදී වාහන 08 ක් එකිනෙක ගැටීමෙන් දැවැන්ත රිය අනතුරක් සිදුවී තිබෙනවා.

ට්‍රක් රථයක් සහ මෝටර් රථ 07 ක් මෙලෙස ගැටී ඇති බව සඳහන්.

ඉන් එක් රථයක රියදුරා පැයකට වැඩි කාලයක් රථයේ සිරවී සිට ඇති අතර ඔහු ගලවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබුණා.

21 දෙනෙකුට මෙහිදී ප්‍රතිකාර සිදුකර ඇති අතර අසාධ්‍ය තත්වයේ පසුවන්නේ දෙදෙනෙකු පමණක් වන අතර ඔවුන්ගේ තත්වයද බරපතල නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හමුවේ M4 අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 ක් පමණ දුරට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබෙනවා.

නිවු සවුත් වේල්ස් පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ M4 අධිවේගී මාර්ගය වෙනුවට Great Western Highway භාවිත කරන ලෙසයි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »