වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කොවිඩ් ආසාධිතයන් ඉහළට

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කොවිඩ් ආසාධිතයන් රෝහල්ගත කිරීම කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

පසුගිය සතියට අදාළ කොවිඩ් දත්ත එක් එක් ප්‍රාන්තය විසින් අද ප්‍රකාශයට පත් කෙරුණු අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පසුගිය සතියේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 37,796 ක්.

එය පෙර සතියේදී සටහන්වී තිබුණේ ආසාධිතයන් 31,531 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේත් ආසාධිතයන් – රෝහල්ගත කිරීම් මෙන්ම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සංඛ්‍යා ඉහළ ගොස් තිබෙනවා.

පෙර සතියේදී 22,281 ක් ලෙස පැවති ආසාධිතන් ගණන මෙම සතියේදී වැඩිවී ඇත්තේ 26,971 ක් දක්වායි.

ඔමික්‍රොන් අනු කාණ්ඩවල බලපෑම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවී ඇති බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »