
මැතිවරණ සමයේ ලේබර් පක්ෂය ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූ සේවා ස්ථාන පණත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
පැය ගණනක් පැවති දැඩි වාද විවාදවලින් අනතුරුව ඊයේ රාත්‍රියේ එය බහුතර ඡන්දයෙන් සම්මත කරගනු ලැබු අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයද ඊට අද පෙරවරුවේ අනුමැතිය ලබාදුන්නා.
මේ හරහා සේවා ස්ථානවල වැටුප් ගැටලු විසඳා ගැනීමේදී සේවකයන්ට වැඩි බලතල හිමිවන අතර ඊට සේවායෝජකයන් අප්‍රසාදය පළකර තිබුණා.

එමෙන්ම අඩු වැටුප් හිමිවන සේවක සේවිකාවන්ට මෙම පණත හරහා ඉදිරියේදී වැටුප් වැඩිවීමක්ද අපේක්ෂා කල හැකියි.
කෙසේවෙතත් වසර අවසන්වීමට පෙර මෙම පණත සම්මත කරගැනීමට හැකිවීම ලේබර් පක්ෂ රජය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙසටයි සැළකෙන්නේ.

සේවා ස්ථාන පණත සම්මත කරගැනීමට සහය දුන් සියලු පාර්ශවවලට සිය ප්‍රසාදය පළකරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.