Search

IS සංවිධානයේ දරුණුම ඔස්ටේ්‍රලියානුවා යළි මෙල්බන් ගෙන ඒමට සැළසුම්

අයි එස් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ලෙස කටයුතු කල ඔස්ටේ්‍රලියානුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

මෙල්බන් උපත ලබා දැනට 31 වන වියෙහි පසුවන නීල් ප්‍රකාශ් නමැත්තා තුර්කියේ සිට ඩාර්වින් දක්වා පැමිණිමෙන් පසු ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අද ඩාර්වින් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු අතර මෙල්බන් රැඳවුම් මධ්‍යස්ථානයකට හුවමාරු කරන්නැයි කල ඉල්ලීමට එහිදී අනුමැතිය ලැබී තිබෙනවා.

අයි එස් සංවිධානයේ වඩාත් දරුණුතම ඔස්ටේ්‍රලියානුවා ලෙසද නම් කර ඇත්තේ මෙම තැනැත්තායි.

සිරියාවේ අයි එස් සංවිධානය සමග එක්ව සටන් කිරීමේ චෝදනා මත මොහු 2016 දී තුර්කියේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අයි එස් ක්‍රියාකාරකම් සඳහා ඔස්ටේ්‍රලියානුවන් බඳවා ගැනීමේ කටයුතුද නීල් ප්‍රකාශ් විසින් සිදුකර තිබුණා.

ANZAC දිනයේදී මෙල්බන් නගරයේදී පොලිස් නිළධාරියෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමටද මොහු සැලසුම් කර තිබූ සඳහන්.

පැවති ලිබරල් සන්ධාන රජය මොහුගේ ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට උත්සාහ කලද මහාධිකරණය එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ සමගම තවත් අයි එස් ක්‍රියාකාරිකයෙකුද ඩාර්වින් දක්වා රැගෙනවිත් තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »