මෙල්බන් නගරය ලෝකයෙන්ම 08 වෙයි

ලොව ජීවත් වීමට සුදුසුම නගර අතර 08 වන ස්ථානය මෙල්බන් නගරයට හිමිවී තිබෙනවා.

ඒ, ලොව පුරා ලක්ෂ 45 ක සාමාජිකයින් සිටින සමීක්ෂණ ආයතනයක් වන ඉන්ටර්නේෂන් ආයතනය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවට අනුවයි.

නගරයේ සතුටින් ජීවත්වීමේ හැකියාව, සතුටුදායක ජීවන වියදම, සතුටින් රැකියා කිරීමට ඇති හැකියාව, රැකියාව, ජීවිතය සමබර කරගැනීමේ හැකියාව සහ සෞඛ්‍ය ආරක්ෂාව යන කරුණු 06 එහිදී සළකා බලා තිබුණා.

එහිදී පළමු ස්ථානය හිමිවි තිබුණේ ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරයටයි.

දෙවන ස්ථානය ඩුබායි නගරයට ලැබී ඇති අතර, මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය, පෘතුගාලයේ ලිස්බන්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, තායිලන්තයේ බැංකොක්, ස්විට්සර්ලන්තයේ බාසල් යන නගර පිළිවෙලින් මුල් ස්ථාන 07 ට පත්වී තිබෙනවා.

නවවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයටත්, දසවන ස්ථානය සිංගප්පූරුවටත් හිමිව තිබෙනවා.

මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර ඒ සදහා ලොව පුරා ප්‍රකට නගර 50ක් තෝරා ගෙන තිබුණා.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »