
අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තැබීමේ ඔස්ටේ්‍රලියා ප්‍රතිපත්තිය වහා වෙනස් විය යුතු බවට සිඩ්නි විශ්ව විද්‍යාලය සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
රැඳවුම් කඳවුරුවලදී සංක්‍රමණිකයන්ට ආතතිය – විශාදය වැනි සෞඛ්‍ය ගැටලු ගණනාවක් උද්ගතවන බවයි මෙහිදී හෙළිවි ඇත්තේ.
වසර 05 කට ආසන්න කාලයක් පුරා ඔස්ටේ්‍රලියාව පුරා සංක්‍රමණ රැඳවුම් කඳවුරු ආශ්‍රිත තොරතුරු උපයෝගී කරගෙනයි මෙම සමීක්ෂණ වාර්තාව සකස් කර ඇත්තේ.

එහි ඇති එක් නිර්දේශයක් වන්නේ කඳවුරුවල සිටින සංක්‍රමණිකයන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිත මිතුරන්ට වැඩි අවස්ථාවක් සැළසිය යුතු බවයි.
මේ අතර ඔස්ටේ්‍රලියාවට නීති විරෝධිව පැමිණීමේදී ග්‍රහණයට ගන්නා අනවසර සංක්‍රමණිකයන් අයුතු ලෙස රඳවා තැබීම අවසන් කිරීමේ යෝජනාවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා.

ස්වාධීන මන්ත්‍රී ඇන්ඩෲ විල්කි විසිනුයි මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.