Search

ඔස්ටේ්‍රලියාවට අවධානම් ආහාර ගෙනාවොත් $ දහස් ගණනක දඩයක්

ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී බලාත්මක ජෛව ආරක්ෂණ නීති සඳහා වන දඩ මුදල් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එම නියමයන් කඩකලහොත් ඩොලර් 266,400 ක උපරිම දඩයක් හෝ එම අවස්ථාවේදීම නියම කරන ඩොලර් 4,440 ක දඩ මුදලක් නියම කෙරෙනු ඇති.

ඉහළ අවදානම් සහිත ආහාර නිෂ්පාදන මෙරටට ගෙන ඒමේදී හසුවන පුද්ගලයන්ට මෙම නව ජෛව ආරක්ෂණ නීතිවලට මුහුණ දීමට සිදුවනවා.

ඩොලර් බිලියන 70.3 ක් වටිනාකමක් සහිත කෘෂිකාර්මික අපනයන කර්මාන්තය ආරක්ෂා කිරීමට, සහ ඒ ආශ්‍රිත රැකියාවල නිරත මිලියන 1.6 ක් ආරක්ෂා කිරීමට මෙන්ම ඔස්ටේ්‍රලියා ජීවන රටාව ආරක්ෂා කිරීමට මෙම නව නීති උපකාරී වන බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ.

මෙතෙක් පැවති නීති යටතේ ඉහළ අවදානම් සහිත භාණ්ඩ සගවා තැබීමට උත්සාහ කළ පුද්ගලයන්ට මෙන්ම අඩු බරපතල ක්‍රියා සිදු කළ පුද්ගලයන්ට ලබාදුන් දඩුවම් සම තත්වයේ පැවතුණා.

නව නීති යටතේ පෙර දඩ මුදලට වඩා අමතර ඩොලර් 2000 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවනවා.

(SBS)

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »