Search

වසර 16 කට පසු ඔස්ටේ්‍රලියාවෙන් පාපන්දු පිම්මක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වසර 16කට පසු අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (30) සමත්වුණි.

ඊට අමතරව පෝලන්තය සහ ආර්ජන්ටිනාවද අවසන්  16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට ඊයේ සමත්විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  D කාණ්ඩය යටතේ තරගයක් පැවැත්වුණේ ටියුනිසීයාව සහ ප්‍රංශය අතරය.

එහිදි ගෝල 1ට 0ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට ටියුනීසියාව සමත්වුණි.

කෙසේවෙතත්  ප්‍රංශය මේවනවිටත් අවසන්  16 දෙනාගේ වටයේ  ස්ථානය තහවුරු කරගෙන අවසන්ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  D කාණ්ඩයේ අනෙක් තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය අතරය.

තරගයේ පළමු අර්ධයේදී ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපහොසත් වූ අතර දෙවන අර්ධයේ 60වන මිනිත්තුවේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ගෝලයක් රැස්කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වුණි.

නමුත් ඩෙන්මාකර්කයට ගෝලයක් රැස් කිරීමට නොහැකි වීමත් සමඟ තරගය ගෝල 1 ට 0ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කර ගත්තේ වසර 16කට පසුව වීම විශේෂත්වයකි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ පෝලන්තය සහ ආර්ජන්ටිනාව අතරය.

එම තරගය ගෝල 2 ට 0ක් ලෙස ජයගැනීමට ආර්ජන්ටිනාව සමත්වුණේ අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගනිමින්.

එම කාණ්ඩයේම අනෙක් තරගය මෙක්සිකෝව සහ සවුදි අරාබිය අතර පැවැත්වුණි.

තරගය ගෝල 2 ට 0ක් ලෙස තරගය ජයගැනීමට මෙක්සිකෝව සමත්වුණත් කණ්ඩායම් දෙකම පළමු වටයෙන් ඉවත් වුණි.

ඒ අනුව C කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේ පෝලන්තය සහ ආර්ජන්ටිනාව යි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »