Search

මෙඩිබෑන්ක් දත්ත අන්තර්ජාලයට මුදාහැර අවසන්

සයිබර් ප්‍රහාරකයන් විසින් සොරාගනු ලැබූ මෙඩිබෑන්ක් සියලු පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදාහැරීම අවසන් කර තිබෙනවා.

මෙගාබයිට් 6400 ක දත්ත ඊයේ රාත්‍රියේදී ඔවුන් විසින් නිරාවරණය කර ඇති බවයි මෙඩිබෑන්ක් සමාගම නිවේදනය කලේ.

මින් ඉදිරියට මෙඩිබෑන්ක් පුද්ගලික දත්ත හෙළිකිරීමක් සිදු නොවන බවද සයිබර් ප්‍රහාරකයන් විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර ඔස්ටේ්‍රලියානු තරුණ තරුණියන් ඉලක්ක කර ලිංගික අපචාර ක්‍රියා සිදුකිරීමට සම්බන්ධ ගිණුම් 500 කට වැඩි සංඛ්‍යාවක් අවහිර කල බව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය අද නිවේදනය කලා.

එම ගිණුම් පුද්ගලයන් 100 කට වැඩි පිරිසකට අයත් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම ජාවාරමෙහි වින්දිතයන් අතර අවුරුදු 10 ක් වැනි ලාබාල දරුවන් ද සිටින අතර බහුතරයක් වයස අවුරුදු 15 ත් 17 ත් අතර පිරිමි ළමුන් බව සඳහන්.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »