කොවිඩ් දඩ ඉවත් කරගන්නැයි වික්ටෝරියා රජයටද බලපෑම්

කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළව නිකුත් කල දඩ පත්‍රිකා ඉවත් කරගන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත රජයටද ප්‍රබල ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් එවැනි දඩ පත්‍රිකා 33,000 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරගැනීමට තීරණය කිරීමත් සමගයි.

එම දඩ පත්‍රිකාවල දක්වා ඇති හේතු අපැහැදිලි මෙන්ම අදාළ නොවන බවටයි නීති සමාගමක් විසින් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.

කොවිඩ් සමයේ වික්ටෝරියා ප්‍රාන්තය තුළදී නිකුත් කර තිබූ දඩ සංඛ්‍යාව 30,000 කට අධිකයි.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »