ඔස්ටේ්‍රලියාව තුළ පළතුරු කැඩීමේ නිරත සේවකයන්ගේ කාර්යක්ෂමතාව මැනීමට නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් නිර්මාණය කර තිබෙනවා.
ඒ ඔවුන්ද අවම වැටුපට යටත්විය යුතු බවට නව නීති සම්මතවීමත් සමගයි.
පළතුරු කැඩීමේ නිරත සේවකයන්ට දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වූ කරන වැඩ කොටසට ගෙවීමේ ක්‍රමය මීට සති කිහිපයකට පෙර ඉවත් කෙරුණා.
ඒ අනුව ඔවුන්ට පැයකට ඩොලර් 21.38 ක වැටුපක් අනිවාර්යයෙන් ගෙවිය යුතුයි.
ඒ අනුව ඔවුන් සේවා මුරය තුළදී කොපමණ වැඩ කොටසක් සිදුකර ඇතිදැයි මැන බැලීම මෙම ඇප්ලිකේෂනය හරහා සිදුවීම විශේෂත්වයක්.