
මෙල්බන් නගරයේ පවතින එකම නිරුවත් වෙරළෙහි එම තත්වය අවසන් කිරීමේ යෝජනාවට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළකර තිබෙනවා.
Sunnyside North Beach, 1980 දශකයේ සිටම නිරුවත් වෙරළ තීරයක් ලෙස පැවති අතර එය තවදුරටත් එලෙසම පැවතිය යුතු දැයි ප්‍රදේශවාසීන් අතර මත විමසුමක් සිදුකර තිබෙනවා.
ඊට සහභාගී වූ Mount Eliza ප්‍රදේශවාසීන් 708 දෙනෙකු අතුරින් සියල්ලන්ම පවසා ඇත්තේ පවතින නීති මාලාව එලෙසම පවත්වාගෙන යමින් මෙල්බන් නගරයට ඇති එකම නිරුවත් වෙරළ තීරය ආරක්ෂා කරගත යුතු බවයි.

කෙසේවෙතත් පුද්ගලයන් 4000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල තවත් සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ සියයට 85 ට 15 ක් ලෙස බහුතරයක් මෙම වෙරළට විරෝධය දක්වන බවයි.
ඉන් වැඩි පිරිසක් Sunnyside North වෙරළට පිටස්තරව වාසය කරන පුද්ගලයන් බවද සඳහන්.
