Search

මොරිසන්ට එරෙහි යෝජනාව සම්මතයි

කොවිඩ් වසංගත සමයේ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම් දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 86 ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 50 ක් පමණයි.

මේ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ක්‍රියාකලාපය හෙළා දකින යෝජනාවක් සම්මත කල ඔස්ටේ්‍රලියාවේ පළමු හිටපු අගමැතිවරයා බවට ස්කොට් මොරිසන් පත්වනු ඇති.

අගමැති ඇන්තනී ඇල්බනීස් මෙන්ම හිටපු අගමැති ස්කොට් මොරිසන්ද අද පැවති විවාදයේදී අදහස් දක්වනු ලැබුවා.

ස්කොට් මොරිසන් කියාසිටියේ තමා අතින් යම් අතපසුවීම් සිදුවුයේ යැයි පිළිගන්නා බවයි.

ඇමතිධුරවල දිවුරුම්දීම පිළිබඳ එවක රජයේ ප්‍රධානීන් දැනුවත් කිරීම තම කාර්යාලය මගින් සිදුවනු ඇතැයි අපේක්ෂා කලද එය එසේ සිදුවී නැතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කලේ ස්කොට් මොරිසන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කල බවටයි.

අගමැතිවරයා ලෙස ඔහු වගකීම් විරහිතව කටයුතු කර ඇති බවටයි ඇන්තනී ඇල්බනීස් චෝදනා කලේ.

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »