මොරිසන්ට එරෙහි විවාදය උණුසුම්

කොවිඩ් වසංගත සමයේ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම් දීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහි යෝජනා විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් මෙන්ම හිටපු අගමැති ස්කොට් මොරිසන්ද මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

ස්කොට් මොරිසන් කියාසිටියේ තමා අතින් යම් අතපසුවීම් සිදුවුයේ යැයි පිළිගන්නා බවයි.

ඇමතිධුරවල දිවුරුම්දීම පිළිබඳ එවක රජයේ ප්‍රධානීන් දැනුවත් කිරීම තම කාර්යාලය මගින් සිදුවනු ඇතැයි අපේක්ෂා කලද එය එසේ සිදුවී නැතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කලේ ස්කොට් මොරිසන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කල බවටයි.

අගමැතිවරයා ලෙස ඔහු වගකීම් විරහිතව කටයුතු කර ඇති බවටයි ඇන්තනී ඇල්බනීස් චෝදනා කලේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »