
ඉහළ යන විදුලි බිල හමුවේ ජනතාවට සහන දිය හැකි පැකේජයක් ජාතික කැබිනෙට්ටුවට යෝජනා කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
ඊට පෙර සියලු ප්‍රාන්ත අගමැතිවරුන් හමුවී ඒ පිළිබඳ දැනුවත් කිරීමටයි අගමැතිවරයා සුදානමින් පසුවන්නේ.
බලශක්ති සම්පාදකයන් සමග සාකච්ඡා කර විදුලි ගාස්තු අඩු කල හැකි ආකාරය සාකච්ඡා කිරීමට තමා කටයුතු කරන බවටද අගමැති ඇල්බනීස් සහතික වනවා.

මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියාව තුළ විදුලි බිල් වැඩිවීම සියයට 20 ක් වන අතර ලබන වසරේදි එය තවත් සියයට 30 කින් පමණ ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
ඒ අනුව වසර 02 ක් තුළදී මෙරට නිවසක විදුලිය සහ ගෑස් බිල් ඉහළයාම ඩොලර් 1300 ක් පමණ වනවා.

බලශක්ති සමාගම් සමග එකගතාවයකට එළැඹීමට නොහැකි වුවහොත් ගාස්තු නියාමනයකට යාමට සිදුවන බවටයි රජය මීට පෙර අනතුරු අගවා තිබුණේ.