බාල අපරාධ වයස 12 දක්වා ඉහළ නැංවීමට ප්‍රාන්තයක් සැරසෙයි

අපරාධ සම්බන්ධයෙන් බාල වයස්කරුවන්ට නඩු පැවරිය හැකි අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට Northern Territory ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනෙකුත් සෑම ප්‍රාන්තයකම දැනට පවතින එම වයස අවුරුදු 10 න් ඉහළ නංවන පළමු ප්‍රාන්තය බවට Northern Territory පත් වනු ඇති.

ලොව සෙසු සංවර්ධිත රටවල් අති බහුතරයකට වඩා ඔස්ටේ්‍රලියාවේ බාල අපරාධ සම්බන්ධ අවම වයස පවතින්නේ අවුරුදු 10 ක් වැනි පහළ අගයකයි.

මෙම හේතුව මත ඇතැම්විට විවිධ අපරාධ සම්බන්ධයෙන් ළමුන් දීර්ඝ කාලයක් බන්ධනාගාර හෝ විශෝධන මධ්‍යස්ථානවල රඳවා තැබීම පාර්ශව කිහිපයක විවේච්චනයට ලක්වී තිබුණා.

ඇතැම්විට තරුණ රැඳවුම් මධ්‍යස්ථානවලදී තරුණ වරදකරුවන්ට විවිධ වධහිංසන එල්ලවූ අවස්ථාද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොණු කල හැකි අවම වයස සටහන් වන්නේ අවුරුදු 14 ක් ලෙසයි.

Northern Territory ප්‍රාන්තය විසින් ගැනීමට යන නව තීරණයට ඇබොරිජින් සහ ස්වදේශික ජනතාවද ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »