වික්ටෝරියා පාසල් කලාපවල රථවාහන දඩ වැඩිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් කලාපවල සහ පාසල් වේලාවන් හිදී රථවාහන වැරදි ඉහළ ගොස් තිබෙනවා.

වික්ටෝරියා පොලිස් වාර්තා අනුව වැඩ කරන සතියකදී පෙරවරු 08 ත් 09.30 ත් අතරදී සහ පස්වරු 02.30 ත් 04 ත් අතර කාලයේදී නිකුත් කෙරෙන දඩ සංඛ්‍යාව 22,000 කට ආසන්නයි.

ඉන් සියයට 26 ක් පමණ වේග සීමා ඉක්මවා රිය ධාවනයට අදාළව වන අතර බීමත්ව රිය පැදවීම සම්බන්ධ චෝදනාද ඉහළ අගයක් ගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ පාසල් ළමුන්ගේ ආරක්සාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

විශේෂයෙන් පාසල් සිසුන් පාර මාරුවන අවස්ථා පිළිබඳ ඉහළම අවධානයක් යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »