ඔස්ටේ්‍රලියාවේ මැතිවරණ ප්‍රචාරණ නීති සංශෝධනය කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව අසත්‍ය කරුණු යොදාගනිමින් ප්‍රතිවාදීන්ට එරෙහිව සිදුකරන ප්‍රචාර සීමා කෙරෙන නව නීති සම්මත කරගැනීමට නියමිතයි.
අගමැති ඇන්තනී ඇල්බනීස් පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාවර කමිටු වාර්තාව අපේක්ෂාවෙන් සිටින අතර එය ලැබීමෙන් පසු රජය සිය යෝජනා ඉදිරිපත් කරන බවයි.
දැන්වීම් ප්‍රචාරණයේදී ඔස්ටේ්‍රලියාව තුළ දැඩි නීති ක්‍රියාත්මක වන නමුත් දේශපාලන සහ මැතිවරණ සඳහා එය අදාළ වන්නේ නැහැ.
එබැවින් නිරතුරුවම ඔස්ටේ්‍රලියා මැතිවරණවලදී එකිනෙකාට අසත්‍ය චෝදනා එල්ල කරගැනීම සුලභ කරුණක් බවට පත්ව තිබෙනවා.