ඔස්ටේ්‍රලියා Student වීසා ඉල්ලීමේදී නව වෙනසක්

ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant (GTE) ප්‍රකාශයට සංශෝධනයක් සිදුකිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු GTE ප්‍රකාශයේ වචන සංඛ්‍යාව 300 ක් වනු ඇති.

අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔස්ටේ‍රලියාවට පැමිනිම අව්‍යාජ එකක් බවට තහවුරු කිරීම සඳහායි වීසා අයදුම්කරු සහ ඔහුගේ හෝ ඇයගේ අරමුණු පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ප්‍රකාශයක් යොමු කළ යුතුවන්නේ.

එමෙන්ම මෙය Statement of Purpose හෙවත් SOP ලෙසද හඳුන්වනු ලබනවා.

මෙරටට පැමිණෙන්නේ ඉගෙනීමට මිස වෙනත් හේතුවක් නිසා නොවන බව – මෙරට රැඳී සිටිනුයේ වීසා බලපත්‍රයේ අවසර දී ඇති කාලය සඳහා පමණක් බව ඇතුලු සෑම තොරතුරක්ම එහිදී යොමු කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

(SBS)

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »