සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි Deakin විශ්ව විද්‍යාලයට චෝදනා

සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් Deakin විශ්ව විද්‍යාලය Fair work කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ස්ථාන 04 ක ඇති විශ්ව විද්‍යාල පරිශ්‍රවල සේවකයන්ට මෙලෙස වසර ගණනක් පුරා අඩු වැටුප් ගෙවා ඇති බවටයි ජාතික තෘතීයික අධ්‍යාපන සංගමය චෝදනා කරන්නේ.

රාජකාරි කල පැය ගණනට වැටුප් සකස් කිරීමෙන් තොරව පාඨමාලා සහ සිසුන් සංඛ්‍යාව වැනි සාධක පදනම් කරගෙන Deakin විශ්ව විද්‍යාලය විසින් වැටුප් සකස් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් Deakin විශ්ව විද්‍යාලය විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ වැටුප් සකස් කිරීම් පද්ධතියේ දෝශයක් මිස කිසිදු අවස්ථාවක වැඩියෙන් සේවය ගෙන අඩුවෙන් වැටුප් නොගෙවු බවයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නව කම්කරු නීතිවලට Deakin විශ්ව විද්‍යාලයට එරෙහි මෙම විමර්ශනය යටත් නොවනු ඇති බවටද වාර්තා පළව තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »