
වසංගත සමයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේදී නිකුත් කරන ලද කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළ දඩ පත්‍රිකාවලින් අඩකට වැඩ සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට සිදුවී තිබෙනවා.
ඒ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට එරෙහිව පවරන ලද නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී ඇතිවූ එකගතාවයක් අනුවයි.
අදාළ දඩ පැණවීම ප්‍රමාණය ඉක්මවා සිදුකරන ලද්දක් බවට පැමිණිලිකාර නීති සමාගම විසින් තර්ක කර තිබුණා.

මේ අනුව කොවිඩ් සමයේ නිකුත් කල දඩ පත්‍රිකා 62,138 කින් 33,121 ක් ඉවත් කර ගැනෙන අතර එම මුදල් අදාළ පුද්ගලයන්ට ආපසු ගෙවීමට නියමිතයි.
