Scam ඝනයට ගැනෙන ඊ-මෙල් පණිවිඩ 7600 ක් පමණ එක් විනාඩියකදී අවහිර කෙරෙන බව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගම වන telstra අද නිවේදනය කලා.
ඒ අනුව මෙම වසරේ මුල් මාස 10 තුළදී පමණක් එවැනි විද්‍යුත් පණිවිඩ මිලියන 332 ක් පමණ පාරිභෝගිකයන්ට ලැබීමට පෙර අවහිර කර ඇති බවයි ඔවුන් සඳහන් කලේ.
එය BigPond ගිණුම් වෙත ලැබෙන සමස්ත ඊ-මේල් පණිවිඩ සංඛ්‍යාවෙන් 1/3 ක් ඉක්මවා ගොස් සියයට 38 ක ප්‍රතිශතයක් ලෙසයි සටහන් වන්නේ.
පසුගිය සිකුරාදා black friday වෙළඳ වට්ටම් දිනයේදී විද්‍යුත් ලිපින මිලියන 56 කට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කෙරුණු බවද telstra සමාගම නිවේදනය කර සිටිනවා.
ඔවුන් පවසන්නේ scam ඝණයට යටත්වන දුරකථන ඇමතුම් මිලියන 15 ක් සහ කෙටි පණිවිඩ මිලියන 61 ක් පමණද මාසිකව අවහිර කෙරෙන බවයි.