Search

නිවාස කුළියෙන් හෝබාට් – බ්‍රිස්බන් වාර්තා තියයි

ඔස්ටේ්‍රලියාවේ නිවාස කුළී දැරීමට අපහසුම නගර 02 බවට හෝබාට් සහ බ්‍රිස්බන් පත්වී තිබෙනවා.

ගතවූ මාස 12 පුරා හෝබාට් හි නිවාස කුළී අගයන් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එමෙන්ම පසුගිය වසර තුළදී පහසුකම් අතින් දරුණුම කඩාවැටීම පෙන්නුම් කල නගරය බවට බ්‍රිස්බන් පත්වී තිබෙනවා.

එහි පහළයාම සියයට 11 ක් වන අතර ඕනෑම ප්‍රාන්තයක ප්‍රධාන නගරයක් සටහන් කල වැඩිම පහළයාමද එයයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජනගහණය සියයට 1.8 කින් වැඩිවීම මීට ප්‍රධාන හේතුව ලෙසයි සැළකෙන්නේ.

සිඩ්නි – මෙල්බන් – පර්ත් – කැන්බරා සහ ඇඩිලේඩ් යන සියලු නගරවලද නිවාස කුළිය දැරීම අපහසු මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන්.

ආහාර සහ ඖෂධ මිළ / ප්‍රවාහන පහසුකම් වැනි සාධකද මෙහිදී සළකා බලා තිබෙනවා.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »