
ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළවල ගිනි නිවීම් සේවකයන් ලබන සතියේදී සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 09 වනදා පෙරවරු 06 සිට පැය 04 ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමටයි සැළසුම් කර ඇත්තේ.
මෙල්බන් – සිඩ්නි යන කාර්යබහුල ගුවන් තොටුපළ ඇතුලුව ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ 27 ක ගිණි නිවීම් සේවකයන් සිදුකරන මෙම වර්ජනය හමුවේ ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

ගිනි නිවීම් සේවකයන්ගේ පවතින දැඩි හිගය පියවීමට කඩිනම් පියවර ගන්නැයි බලධාරීන්ට බලකරමිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.
අදාළ වර්ජන කාලය තුළදී ගුවන් යානා සම්බන්ධ කිසියම් අනතුරක් සිදුවුවහොත් එය පාලනයට කිසිදු පියවරක් නොගන්නා බවටද ගිනි නිවීම් සේවකයන් අනතුරු අගවා තිබෙනවා.
