
Centrelink දීමනා සඳහා බලපෑමක් නොවන පරිදි අමතර පැය ගණනක් සේවයේ නිරතවීමට aged සහ veteran යන විශ්‍රාම වැටුප් ලබන ඔස්ටේරලියානුවන්ට අනිද්දා (01) සිට අවසර හිමිවනවා.
ඒ අනුව දැනට ඩොලර් 7,800 ක් ලෙස පවතින උපරිම Work Bonus balance අගය එදින සිට ඩොලර් 11,800 දක්වා ඉහළ දැමෙනු ඇති.
රට පුරා දැනට පවතින දැඩි සේවක හිගය මගහරවාලීම මෙහි අරමුණ වී තිබෙනවා.

ලබන වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සංශෝධනය බලාත්මකව පවතිනු ඇති.
මේ අතර ලබන වසරේ සිට Centrelink – jobseeker ඇතුලු සියලු දීමනා වාර්ෂිකව සමාලෝචනය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දීමනා මුදල් අඩු හෝ වැඩි කිරීම මෙන්ම අලුතින් ලබාදීම සහ දැනට එම මුදල් ලබන ඇතැමුන් එම ක්‍රමවලින් ඉවත් කිරීමද සිදුවනු ඇති.
සමාජයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තෝරාගත් පුද්ගලයන් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා එම සමාලෝචනය සිදුකිරීමට නියමිතයි.