ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයකින් පාසල් අසල ක්ෂණික ආහාර තහණමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් අසළින් ක්ෂණික ආහාර අවන්හල් ඉවත් කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ළමුන් අතර ස්ථුලභාවය මගහරවා ගැනීම එහි අරමුණ බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

කෙසේවෙතත් මෙම යෝජනාව සඳහා මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇති අතර එහි ඇති වාසි සහ අවාසි සම්බන්ධයෙන් මේ වනවිට පුලුල් කථිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැනීම සඳහා ළමුන් පෙළඹවීම යහපත් කරුණක් වුවද ආහාර ගැනීම සඳහා ඔවුන්ට දිගු දුරක් ගමන් කිරීම සිදු නොවිය යුත්තක් බවයි ගුරුවරුන් පෙන්වා දී ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළද මේ හා සමාන යෝජනාවක් ක්‍රියාත්මක වන නමුත් එහිදී සිදුවන්නේ පාසලේ සිට මීටර් 500 ක් ඇතුළත පිහිටා ඇති ක්ෂණික ආහාර අවන්හල් විවෘතව පවතින වේලාව අඩු කිරීමයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »