
මෙවර නත්තල් සමයේදී ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
මුහුදු ආහාර – ඌරු මස් – එළවලු පළතුරු ඇතුලු ආහාර ද්‍රව්‍ය රැසක් ඒ අතර වන බව සඳහන්.
සේවක හිගය සහ ජල ගැලීම් හමුවේ නිෂ්පාදන අඩාලවීම මීට ප්‍රධාන හේතු බවට විශ්වාස කෙරෙනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ සුපිරි වෙළඳ සැල් ජාල කිහිපයක්ම දැනටමත් නිවේදනය කර ඇත්තේ පාරිභෝගිකයන්ට හැකි උපරිම සහන සැළසීමට පියවර ගන්නා බවයි.
ජීවන වියදම සහ උද්ධමනය ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියානුවන් වියදම් කිරීම් අඩු කර ඇති බවයි මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන් වුණේ.
