පුරප්පාඩු වන වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂ නායක ධුරය සඳහා සිව්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.
Richard Riordan, John Pesutto, Ryan Smith සහ Brad Battin විසින් දැනටමත් තහවුරු කර ඇත්තේ තමන් එම ධුරය සඳහා තරග වදින බවයි.
පසුගිය සෙනසුරාදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ලද පරාජයත් සමග තමන් වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි මැතිව් ගයි නිවේදනය කලේ.
ඒ අනුව ඉදිරි දිනයකදී වික්ටෝරියා ලිබරල් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී සිය අනුප්‍රාප්තිකයා තෝරාගනු ඇති බවද ඔහු කියාසිටියා.
කෙසේවෙතත් කෙදින මෙම අභ්‍යන්තර මැතිවරණය පවත්වන්නේ දැයි තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ.