ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රිය චොකලට් වර්ග කිහිපයකට වෙන්න යනදේ

දිරාපත් වන කඩදාසි භාවිත කර චොකලට් ඇසුරුම්කරණය සිදුකිරීමට සුප්‍රකට Mars – Snickers සහ Milkyway චොකලට් ඔස්ටේ්‍රලියාව තුළ නිෂ්පාදනය කරන Mars Wrigley සමාගම තීරණය කර තිබෙනවා.

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එය ක්‍රියාත්මක කෙරෙන අතර 2025 වසර වනවිට සියලුම චොකලට් වර්ග ඇසුරුම් පරිසරයට හානිකර නොවන ද්‍රව්‍යවලින් නිපදවීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

මේ අනුව සිය චොකලට් නිෂ්පාදන දවටන හරහා පරිසරයට වසරකට එකතුවන ප්ලාස්ටික් ටොන් 360 කට ආසන්න ප්‍රමාණයක් වළක්වාලීම ඔවුන්ගේ සැළසුමයි.

වසර 02 ක් පුරා Ballarat හිදී සිදුකල අධ්‍යයනයක ප්‍රථිඵලයක් අනුවයි මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ.

මේ සඳහා ඩොලර් මිලියන 2.5 ක පමණ අමතර මුදලක් වැයවුවද එම පිරිවැය කිසිදු ආකාරකින් පාරිභෝගිකයා මත නොපටවන බවට Mars Wrigley සමාගම සහතික වනවා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »