Darwin හි නිරෝධායන සැකසුම් ව්‍යාප්තියක් යටතේ විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් තවත් දහස් ගණනක් ඕස්ට්‍රේලියාවට ගෙන්වීමට සැරසේ.

Darwin හි නිරෝධායන සැකසුම් ව්‍යාප්තියක් යටතේ විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් තවත් දහස් ගණනක් ඕස්ට්‍රේලියාවට ගෙන්වීමට සැරසේ.

Thousands more Australians stranded overseas will be able to get home sooner under an expansion of quarantine processing in Darwin.

Darwin හි කිලෝමීටර් 25 ක් දකුණින් පිහිටි Howard Springs වෙත​ ඉදිරි සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත දෙසතියකට වරක් විදේශයන් හි අතරමං වූ ඕස්ට්‍රේලියානුවන් 1000ක් ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කර ඇත​.

මගීන් වාණිජ හා Charter ගුවන් ගමන් රාශියක් මඟින් RAAF Base Darwin වෙත කෙලින්ම පියාසර කරනු ඇති අතර ඔවුන්ව​ වහාම Howard Springs වෙත දින 14 ක නිරෝධායනය සඳහා රැගෙන යනු ඇත.

Quantas විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් අටක් ලබන සතිය මුලදී ආරම්භ වන බව දැනගන්නට ඇත  (ලන්ඩනයේ සිට හතරක් සහ ඉන්දියාවෙන් හතරක්).

ලන්ඩනයේ සිට ගුවන් ගමන් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 2,000 ක් වැය වන අතර ඉන්දියාවේ සිට ගුවන් ගමන් ඩොලර් 1,000 ක් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගුවන් ගමන් ෆෙඩරල් රජය විසින් රක්ෂණය කරනු ලැබේ.

විදේශයන්හි ලියාපදිංචි වී සිටින ඕස්ට්‍රේලියානුවන් 38,200 න් 29,100 ක්ම තම රටට පැමිණීමට අවශ්‍ය බව විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »