
ෆෙඩරල් පාර්ලිමේන්තුවට ස්වදේශික නියෝජනයක් ලබාදීමේ යෝජනාවට සහය නොදීමට නැෂනල්ස් පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් සඳහන් කලේ අදාළ යෝජනාව හරහා ඇබොරිජින් ජනතාවට ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන්නේ යැයි පෙනී යන බවයි.
නැෂනල්ස් පක්ෂය විසින් මෙම තීරණය ගැනීමට පෙර ස්වදේශික ජන කොට්ඨාශ පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගත් බවද ඔහු කියාසිටියා.

ෆෙඩරල් පාර්ලිමේන්තුවට ස්වදේශික නියෝජනයක් ලබාදීම සඳහා ඉදිරි මාස 18 තුළදී ජනමත විචාරණයක් පවත්වන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සති කිහිපයකට පෙර Northern Territory හිදී සඳහන් කලේ.
කිසියම් අයුරකින් අනෙකුත් පක්ෂවල සහයෝගය නොලද හොත් එම යෝජනාව සම්මත කරගැනීම ලේබර් පක්ෂයට අසීරු වනු ඇති.
