Search

වික්ටෝරියා හෝටල් නිරෝධායන අක්‍රමිකතාවලට එරෙහිව නඩු

කොවිඩ් සමයේ හෝටල් නිරෝධායනය ක්‍රියාවලිය හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවරිය යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධයේ කරුණු විමසීමක් ආරම්භ වී තිබෙනවා.

රාජකාරි කටයුතුවලදී සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව කඩ කිරීමේ සිදුවීම් 58 කට අදාළව විසින් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා ගොණු කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

නිසි පරිදි නිරෝධායන රෙගුලාසි අනුගමනය නොකිරීම හමුවේ හෝටල් සේවකයන් සැළකිය යුතු පිරිසකට කොවිඩ් වෛරසය ආසාධනය වූ බවට වන චෝදනා 40 කට වැඩි සංඛ්‍යාවක්ද ඊට අයත්.

ප්‍රමාණවත් චෝදනා පවතීනම් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීම සිදුවන අතර සති 05 කට ආසන්න කාලයක් එම නඩු විභාගය පැවැත්වෙනු ඇති.

2020 වසරේ මැයි සහ ජූනි අතර කාලයේදී ක්‍රියාත්මක වූ වික්ටෝරියා හෝටල් නිරෝධායනයේ අඩුපාඩු හමුවේ ආසාධිතයන් 18,000 ක් සහ කොවිඩ් මරණ 800 ක් පමණ වාර්තා වූ බවටයි අධිකරණමය කරුණු විමසීමකදී අනාවරණය වී තිබුණේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »