වසර 08 කට පසු ඔස්ටේ්‍රලියාවේ ත්‍රස්ත අවධානම පහළට

වසර 08 කට පසු ඔස්ටේ්‍රලියාවේ ජාතික ත්‍රස්ත අවධානම් මට්ටම පහත දමා තිබෙනවා.

2014 වසරේදී මැද පෙරදිග කලාපය තුළ අයි එස් සටන්කාමීන්ගේ ක්‍රියා වර්ධනයවීමත් සමගයි මෙරට තුළද ත්‍රස්ත අවධානම ඉහළ දමනු ලැබුවේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු භූමිය තුළ ඕනෑම අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකිය යන අවධානමෙන් කිසිවෙකුත් ඈත් නොවිය යුතු බව ඔස්ටේ්‍රලියානු ආරක්ෂක සහ බුද්ධි නියෝජිත ආයතනය අවධාරණය කරනවා.

දින කිහිපයකට පෙර සිරියාවේ සිට අයි එස් සටන්කාමීන්ගේ ඥාතීන් පිරිසක් වන ඔස්ටේ්‍රලියානු පුරවැසියන් පිරිසක් ගෙන එනු ලැබුවේද තම පූර්ණ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව බවත් එය ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවත් ඔවුන් ප්‍රකාශ කලා.

2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ ත්‍රස්ත අවධානම් මට්ටම ඉහළ දමනු ලැබුවේ ටෝනි ඇබට් රජය විසිනුයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »