Search

ෆෙඩරල් බැංකු ප්‍රධානී ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සමාව අයදී

මෙම වසරේ පළමුවරට ඔස්ටේ්‍රලියාව තුළ සිල්ලර භාණ්ඩ අලෙවිය පහළ ගොස් තිබෙනවා.

ඔක්තෝබර් මාසයේදී සිල්ලර අලෙවිය සියයට 0.2 කින් පහළගොස් ඇති අතර අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙකේදීම එය සියයට 0.6 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවලට අනුව මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ භාණ්ඩ මිළ ඉහළයාම හමුවේ වියදම් අඩු කිරීමට ඔස්ටේ්‍රලියානුවන් පියවර ගෙන ඇති බවයි.

මේ අතර ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී පිලිප් ලෝ විසින් රටවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

2024 වසර වනතෙක් පොළී අනුපාත වැඩි නොවනු ඇති බවට තමා 2021 වසරේදී කල ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා විශාල පිරිසක් නිවාස ණය ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් පසුගිය මාස කිහිපය තුළදී මෙන්ම ඉදිරි මාස වලදීත් උද්ධමනය ඉහළයාම හමුවේ නැවතත් පොළී අනුපාත වැඩි කිරීමට සිදුවීමෙන් උකස් ණය හිමියන්ට දැඩි අසීරුතාවයක් සිදුවනු ඇති බව පිලිප් ලෝ සඳහන් කර සිටිනවා.

අඛණ්ඩව 07 වන මාසයටත් ඉහළ ගිය ඔස්ටේ්‍රලියාවේ cash rate අගය මේ වනවිට පවතින්නේ සියයට 2.85 ක් ලෙසයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »