මොරිසන්ගේ ක්‍රියාකලාපය හෙළා දකින යෝජනාවක් පාර්ලිමේන්තුවට

හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ක්‍රියාකලාපය හෙළා දකින යෝජනාවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා.

පාලක ලේබර් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාව ගෙන ඒමට නියමිත අතර අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී ඊට අනුමැතිය හිමිවුනා.

පසුගිය කොවිඩ් සමයේදි රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම්දීමේ සිදුවීමට අදාළව ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.

එමගින් හිටපු අගමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇති අතර එය පදනම් කරගෙනයි මෙම යෝජනාව ගෙන ඒමට නියමිතව ඇත්තේ.

අවසන් වරට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකුට එරෙහිව මෙවැනි යෝජනාවක් සම්මත කර ඇත්තේ 2018 වසරේදීයි.

හිටපු අගමැති ස්කොට් මොරිසන් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බවයි වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් ඇතුලු පාර්ශව ගණනාවක් අවධාරණය කලේ.

කෙසේවෙතත් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරමින් ස්කොට් මොරිසන් විසින් පසුගිය සිකුරාදා දිනයේදී දීර්ඝ ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »