
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෛද්‍ය සිසුන් 1000 ක් ප්‍රාන්තයේ රෝහල්වල වැටුප් සහිත රැකියා සඳහා අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා.
විශ්ව විද්‍යාල 08 ක අවසාන වසර් ඉගෙනුම ලබන සිසුන් මේ සඳහා සුදුසුකම් ලබන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මේ හරහා සේවක හිගය යම්තාක් දුරකට හෝ පහව යනු ඇති බවද වත්මන් සේවක සේවිකාවන්ට පැවරි ඇති අධික රාජකාරි යම්තාක් දුරකට හෝ පහව යනු ඇති බවටද අනාවැකි පළවනවා.

වෛද්‍ය සිසුන් විසින් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා කල යුතු ප්‍රායෝගික පුහුණුවට වඩා වෛද්‍ය සහායකයන් ලෙස නව රැකියාවක් ස්ථාපිත කර ඔවුන්ට වැඩි වරප්‍රසාද ලබාදීම මෙහිදී සිදුවනවා.
2020 වසරේදී කොවිඩ් සමයේදී මෙහි නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය මතයි නාගරික සහ ප්‍රාදේශීය යන කලාප දෙකෙහිම රෝහල් සඳහා මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිතව ඇත්තේ.

මේ හරහා තවත් වසර කිහිපයකදී වෛද්‍ය හිගයට පූර්ණ විසඳුමක් ලැබෙනු ඇති බවටද අනාවැකි පළවනවා.