ඩැනියල් ඇන්ඩෲස්ට නව වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව

03 වන වරටත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති තනතුරට පත්වූ ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ඩැනියල් ඇන්ඩෲස්ට නව වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ වැඩිම කාලයක් බලයේ සිටින වික්ටෝරියාවේ ලේබර් පක්ෂ අගමැතිවරයා බවට ඔහු ලබන අප්‍රේල් මාසයේදී පත්වීමයි.

ජයග්‍රහණයෙන් පසු ලේබර් පක්ෂ මූලස්ථානයේදී ඔහු සිය පාක්ෂිකයන් අමතනු ලැබුවා.

ඩැනියල් ඇන්ඩෲස් එහිදී සඳහන් කලේ ප්‍රචාරණ සමයේදී ලබාදුන් නොමිළයේ Kindergarten – TAFE පාඨමාලා පුලුල් කිරීම – බලශක්ති ගාස්තු නියාමනය – සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම ආදී සියලු පොරොන්දු හැකි ඉක්මණින් ඉටු කරන බවයි.

ලේබර් පක්ෂය 2018 දී ලැබූ තරම් ඉහළම ජයක් මෙවර ලැබි නොමැත්තේ ආසන කිහිපයක් ලිබරල් සන්ධානය සහ ග්‍රීන්ස් පක්ෂය විසින් හිමිකරගැනීමත් සමගයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »