මැතිවරණ පරාජයත් සමග වික්ටෝරියා විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්විමට මැතිව් ගයි තීරණය කර තිබෙනවා.
නව නායකයෙකු තෝරාගන්නා තෙක් පමණක් තමා එම ධුරයේ කටයුතු කරන බවයි පාක්ෂිකයන් අමතමින් ඔහු සඳහන් කලේ.
වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී රැස්ව නව නායකයෙකු තෝරා ගන්නා අවස්ථාවේදී අපේක්ෂකයෙකු ලෙස තමා ඉදිරිපත් නොවන බවද මැතිවි ගයි කියාසිටියා.
ඊයේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් පාලක ලේබර් පක්ෂය විශිෂ්ඨ ජග්‍රහණයක් හිමිකරගත් අතර බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 45 සීමාව ඔවුන් ඉක්මවා යනු ලැබුවා.
ඒ අනුව ඩැනියල් ඇන්ඩෲස් 03 වන වරටත් ඉදිරි වසර 04 ක කාලය සඳහා වික්ටෝරියාවේ අගමැති ලෙස කටයුතු කරනු ඇති.