Student Visa නිකුත් කිරීම සීමා කරන්න යයි

සිය රටට පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි බ්‍රිතාන්‍යයේ අවධානය යොමුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සිදුවන සංක්‍රමණ අවම කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය රිෂි සුනක් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

ගුණාත්මක බවින් පහළ උපාධි සඳහා සිසුන් පැමිණීම මෙහිදී සීමා කිරීමට නියමිත අතර, යැපෙන්නන් පැමිණීම ද සීමා කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වේ.

කෙසේ වෙතත්, ගුණාත්මක බවින් අඩු උපාධි මොනවාද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකොට නොමැති අතර බ්‍රිතාන්‍යයට 2021 වසර තුළ සංක්‍රමණිකයින් 173,000ක් පැමිණ තිබේ.

එය මේ වසරේ පන් ලක්ෂ හාරදහසක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පෙර හා සැසදීමේදී තුන්ලක්ෂ තිස්එක් දහසක වැඩිවීමක් බව, විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »