නත්තල් වනවිට සතියකට අමතර $ 170 ක වියදමක්

නත්තල් සමය වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිල ගණන් තවත් ඉහළ යා හැකි බවට අනාවැකි පළවනවා.

ඒ අනුව ආහාර සඳහා අමතර ඩොලර් 59 ක් / ඉන්ධන සඳහා අමතර ඩොලර් 35 ක් සහ ගෑස් – විදුලිය – ජල බිල්පත් ගාස්තු සඳහා අමතර ඩොලර් 76 ක් ලෙස සතියකට අමතර ඩොලර් 170 ක මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මෙම අනාවැකියත් සමග ඔස්ටේ්‍රලියානුවන් අතුරින් අඩක් පමණ සිය අනවශ්‍ය වියදම් හැකිතාක් කපා හරිනු ඇති බවටද වාර්තා පළවනවා.

2050 දෙනෙකු සහභාගි වු සමීක්ෂණයකදී සියයට 61 ක් පවසා ඇත්තේ තමන් කිසියම් ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් මිළදී ගැනීමේදි අඩු මිළ සන්නාම (brands) මිළදී ගැනීමට පියවර ගන්නා බවයි.

සියයට 47 ක් විනෝදාස්වාද වියදම් කපා හැර ඇති බවත් – සියයට 36 ක් පුවත්පත් / සගරා සහ සංගීතය සඳහා වියදම් අඩු කර ඇති බවත් මෙහිදී අනාවරණය වි තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »