
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට පාලක ලේබර් පක්ෂය සමත්වී තිබෙනවා.
බහුතර රජයක් පිහිටුවීම සඳහා ලේබර් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත සභාවේ ආසන 45 කට වැඩි සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා.
මේ අනුව ඩැනියල් ඇන්ඩෲස් නැවත වරක් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති තනතුරට පත්වන අතර ඉදිරි වසර 04 සඳහා ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

පෙරවරු 08 ට එය ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් කෙරුනේ පස්වරු 06 ටයි.
මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වි සිටි මුලු ඡන්ද දායකයන් සංඛ්‍යාව 43 ලක්ෂ 94 දහස් 465 ක්.

ඉන් 19 ලක්ෂ 08 දහස් 400 ක් හෙවත් සියයට 43 ක පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
එය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයකදී සටහන් වූ වැඩිම පූර්ව ඡන්ද සංඛ්‍යාවයි.