Search

වික්ටෝරියා මැතිවරණ ප්‍රථිඵල ප්‍රමාද වන අනාවැකි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය තවත් පැයකට ආසන්න කාලයකින් අවසන් වනවා.

මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වි සිටි මුලු ඡන්ද දායකයන් සංඛ්‍යාව 43 ලක්ෂ 94 දහස් 465 ක්.

ඉන් 19 ලක්ෂ 08 දහස් 400 ක් හෙවත් සියයට 43 ක පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මෙවර ලැබී තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව 586,208 ක්.

ප්‍රධාන පක්ෂ 02 අතර කරටකර සටනක් පවතිනු ඇතැයි අනාවැකි පළවීම හමුවේ වික්ටෝරියා මැතිවරණයේ ප්‍රථිඵල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වනු ඇති බවටද අනාවැකි පළවනවා.

බහුතර රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයක් ප්‍රාන්ත සභාවේ ආසන 45 ක් දිනාගත යුතු වනවා.

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබුණේ සෞඛ්‍ය අංශයයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »