
ඔස්ටේ්‍රලියාවේ දැනට පවතින දැඩි සේවක හිගය තුරන්වීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා.
2022/23 වසරට අදාළ සංක්‍රමණ කෝටාව 195,000 දක්වා ඉහළ නැංවුවද පුහුණු නිපුණතා වීසා යටතේ ඔස්ටේ්‍රලියාවට පැමිණිම සඳහා අයදුම්කරන විදේශිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි මෑතකදී සිදුකල මත විමසුමකදී අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් ශිෂ්‍ය වීසා සහ සංචාරකයන් ලෙස රටට පැමිණිමට ලැබෙන වීසා අයදුම්පත් ගණන කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති බව සඳහන්.

hospitality – තොරතුරු තාක්ෂණය වැනි අංශවල දැඩි සේවක හිගයක් පැවතියද නිසි පරිදි සුදුසුකම් සහිත පුද්ගලයන් අයදුම් කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවටයි අනාවරණ වන්නේ.
ඒ අනුව ෆෙඩරල් රජය අපේක්ෂා කරන අන්දමින් සේවක හිගය අවසන්වීමක් ලබන වසර තුළදීත් සිදුනොවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
