
ගතවූ මාස 12 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවීමේ සාමාන්‍ය අගය සියයට 04 ක් ලෙස සටහන්වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ එය දැන්වීම්වල පළවූ වැටුප් හා සැසඳීමේදි පහළ අගයක් වන බවයි.
ඔක්තෝබර් මාසයේදී වැටුප් වර්ධන වේගය සටහන් වී ඇත්තේ සියයට 0.4 ක් ලෙසයි.

තවත් සැළකිය යුතු කාලයක් ගතවන තුරු ඔස්ටේ්‍රලියාව තුළ නිසි පරිදි වැටුප් වර්ධන වේගයක් දැකිය නොහැකි වනු ඇති බවටද සංඛ්‍යාලේඛණ කාර්යාංශය අනාවැකි පළකරනවා.
ෆෙඩරල් සංචිත බැංකුව ද පසුගියදා නිවේදනය කලේ ඉහළ යන උද්ධමනය හමුවේ වැටුප් වැඩිවිමක් ලබාදීම අසීරු බවයි.
