වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය අද සිදු කෙරෙනවා.
පෙරවරු 08 ට එය ආරම්භ වන අතර අවසන් වන්නේ පස්වරු 06 ටයි.
පසුගිය නොවැම්බර් 14 වනදා ආරම්භ වූ පූර්ව ඡන්ද ප්‍රකාශය ඊයේ පස්වරු 06 ට අවසන් කෙරුණා.
ලියාපදිංචි ඡන්ද දායකයන් අතුරින් සියයට 25 ක් පමණ මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කර තිබු අතර එය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයකදී සටහන් වූ වැඩිම පූර්ව ඡන්ද සංඛ්‍යාවයි.
බහුතර රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයක් ප්‍රාන්ත සභාවේ ආසන 45 ක් දිනාගත යුතු වනවා.
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබුණේ සෞඛ්‍ය අංශයයි.