Search

මෙල්බන් – සිඩ්නි පරදවා බ්‍රිස්බන් උඩටම එයි

Gen Z හෙවත් යෞවන යෞවනියන් අතර ජනප්‍රියම ඔස්ටේ්‍රලියානු නගරය බවට බ්‍රිස්බන් පත්වී තිබෙනවා.

ජීවත්වීමට පහසුව – ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල පැවතීම සහ ඩිජිටල් සේවා පහසුව ඊට බලපා ඇති ප්‍රමුඛතම කරුණු බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් රාත්‍රී විනෝදාස්වාදය සැළකීමේදී බ්‍රිස්බන් දුර්වල ස්ථානයක පසුවන බවයි මෙම ගෝලීය සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

ලෝක තත්වය සැළකීමේදී බ්‍රිස්බන් 04 වන ස්ථානයට පත්ව ඇති අතර ඊට ඉහළින් සිටින්නේ ජර්මනියේ බර්ලින් – ස්විට්සර්ලන්තයේ බර්න් සහ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් යන නගරයි.

2032 වසරේදී ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමේ සූදානමත් සමග බ්‍රිස්බන් නගරය ලැබූ මෙම ජයග්‍රහණය අතිශය වැදගත් බව සඳහන්.

මෙම ගෝලීය සමීක්ෂණයේදී මෙල්බන් 12 වන ස්ථානයටත් – පර්ත් 19 වන ස්ථානයටත් – සිඩ්නි 61 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »