මෙරට මූල්‍යකරණ සමාගම් අතර ඉහළින්ම වැජඹෙන ජෙට් ෆයිනෑන්ස් සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන වෙත තවත් සුවිශේෂී සම්මානයක් හිමිවී තිබෙනවා.
ඒ 2022 වසරට අදාළව වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා වන මූල්‍යකරණ විශේෂඥයා හෙවත් VIC/SA/TAS Broker of the Year 2022 සම්මානයයි.
Specialist Finance Group සමූහය විසිනුයි මෙම ඇගයීම සිදුකරනු ලැබුවේ.
මෙම සම්මාන උළෙල ඔස්ටේ්‍රලියාවේ මූල්‍යකරණ ක්ෂේත්‍රයට අදාළව පවත්වන ඉහළම සම්මාන උළෙලක් ලෙස සැළකෙනවා.
වසර 15 කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත හසිත ධර්මසේන මෑතකාලීනව තවත් ඇගයීම් රාශියකින් පිදුම් ලැබූ අතර දින කිහිපයකට පෙර Commonwealth බැංකුවෙන් මූල්‍ය ආයතන වෙත පිරිනමන ඉහළම “Platinum broker”ලෙසද පිදුම් ලැබුවා.
එමෙන්ම පසුගිය මැයි මාසයේ පැවති My Local Broker 2021 වාර්ෂික සම්මාන උළෙලේදී සම්මාන 03 කින් ජෙට් ෆයිනෑන්ස් සමූහය සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන පිදුම් ලැබුවා.
පසුගිය වසරේ මූල්‍ය ආයතන විසින් පෙන්නුම් කරන ලද කාර්ය සාධනය (Performance) සළකා බැලීමේදී හොඳම කාර්ය සාධනය පෙන්නුම් කිරීම සඳහායි වෙත මෙම සම්මාන ත්‍රිත්වය පිරිනමා ඇත්තේ.
තමන් ලද ජයග්‍රහණය පිළිබඳ AusලංකාTV වෙත අදහස් දක්වමින් ජෙට් ෆයිනෑන්ස් සහ එහි නිර්මාතෘ – ප්‍රධාන විධායක නිළධාරී හසිත ධර්මසේන මෙසේ පවසා සිටියා.
“මුලින්ම මතක් කරන්න ඕනේ මගේ බිරිඳව. ඇය නැත්නම් අද මම මෙවැනි ස්ථානයක නැහැ. මගේ හැම දෙයකම පිටුපස සිටිමින් මගේ ශක්තිය උනේ මගේ බිරිඳ. ඒ වගේම තමයි මගේ කාර්ය මණ්ඩලය. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයත් මතක් කල යුතුමයි.
මේ ජයග්‍රහණය පිළිබඳ අතිශය සතුටු වෙනවා. උත්සාහය සහ කැපවීම මත තමයි මේ ජය ලබාගන්න පුලුවන් උණේ. ගණුදෙනුකරුවන්ටත් උපරිම ප්‍රණාමය පුදකරනවා. ක්ෂේත්‍රයේ තරගකරුවන් සමග කරට කර කටයුතු කරලා ඔවුන් අභිබවා ජයක් ලැබීම සුවිශේෂයි. මේක ඔස්ටේ්‍රලියාවේ සමස්ත ශ්‍රී ලංකා ප්‍රජාව ලබපු ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න කැමතියි”