මොරිසන් ගැන අවසන් වාර්තාව එයි – මන්ත්‍රීකමෙනුත් ඉල්ලා අස්වෙයි ?

කොවිඩ් සමයේදී අමාත්‍යංශ කිහිපයක රහසිගතව දිවුරුම් දුන් බව කියන සිද්ධියට අදාළව හිටපු අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේ අවසන් වාර්තාව නිකුත් කර තිබෙනවා.

අදාළ ක්‍රියාව මගින් රජය කෙරෙහි මහජන විශ්වාසය දැඩි ලෙස පලුදු වූ බවයි හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ මූලිකත්වයෙන් සිදුකල විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

අමාත්‍ය ධුරවල වෙනසක් සිදුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට නිසි ක්‍රමවේදයක් පැවතිය යුතු බවටත් එමගින් යෝජනා කර තිබෙනවා.

කොවිඩ් වසංගතය පාලනයට අමතර බලතල පවරාගත් බවට හිටපු අගමැතිවරයා කර තිබූ ප්‍රකාශයද විමර්ශන කමිටුව විසින් ඉවත දමා තිබෙනවා.

මේ අතර වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් ද අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ සිය ස්ථාවරය දක්වා සිටියා.

ඔහු අවධාරණය කලේ හිටපු අගමැතිවරයා ඔස්ටේ්‍රලියානු ජනතාව නොමග යවා ඇති බවට පැහැදිලි වී ඇති බවයි.

මෙම විමර්ශනයට ස්කොට් මොරිසන් විසින් සහයෝගය නොදැක්වූ බවටත් අගමැති ඇල්බනීස් දැඩිව චෝදනා කලා.

විමර්ශන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ තීරණය ගත යුත්තේ ස්කොට් මොරිසන් විසින් බවටත් ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »