Search

Child care සහනය නිසා ශ්‍රම බලකාය ඉහළ යන ළකුණු

child care සහනාධාරය ඉහළ දැමීමත් සමග නැවත ශ්‍රම බලකායට එක්වන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

දළ වශයෙන් පවුල් ලක්ෂ 12 කට පමණ මෙමගින් සහන හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව ආසන්න වශයෙන් පුද්ගලයන් 38,500 ක් පමණ යළි රැකියා සඳහා සම්බන්ධ වනු ඇති බව සඳහන්.

නව child care නීති පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ අනුව ඩොලර් 80,000 ට අඩු ආදායම් ලබන පවුල් සඳහා ලබන වසරේ ජූලි මාසයේ සිට child care සහනාධාරය සියයට 85 සිට සියයට 90 දක්වා ඉහළ දැමෙනු ඇති.

ආදායම වැඩිවන සෑම ඩොලර් 5000 ක් සඳහාම child care සහනය සියයට 01 බැගින් අඩුවන අතර ඩොලර් 530,000 ක් හෝ ඊට වැඩි ආදායමක් ලබන පවුල් සඳහා සහනාධාරයක් හිමිවන්නේ නැහැ.

ඩොලර් 120,000 ක ආදායමක් ලබන පවුලකට දැනට හිමිවන child care සහනාධාරය සියයට 71 ක් වන අතර ලබන ජූලි මාසයේ සිට එය සියයට 82 දක්වා ඉහළ යාමට නියමිතයි.

පසුගිය මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් අනුවයි මෙම නීති සම්මත කර ගැණුනේ.

child care ගාස්තු නියාමනයට පාරිභෝගික කොමිසමට වැඩි බලතල හිමිවීමද නව නීති අතර වනවා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »