Search

වැඩි පඩි ඉල්ලා ක්වන්ටාස් සේවකයන් වැඩ වර්ජනයකට

වැඩි වැටුප් ඉල්ලා ඉදිරි සතිවලදී පැය 24 ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්වන්ටාස් ගුවන් සේවයේ Cabin crew සේවක සේවිකාවන් තීරණය කර තිබෙනවා.

නත්තල් නිවාඩු සඳහා සංචාර වෙත පිටත්ව යන ගුවන් මගීන්ට මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

වසර 02 කට ආසන්න කාලයක් පුරා තමන්ට නිසි වැටුප් වැඩවීමක් නොලැබුණු බවටද ඔවුන් චෝදනා කරනවා.

වර්ජනය සඳහා ස්ථිර දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

සේවක හිගය හමුවේ තමන්ට වැඩි කාර්ය ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවී ඇති බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ක්වන්ටාස් පාලනාධිකාරිය අප්‍රසාදය පළකර ඇති අතර ප්‍රසාද දීමනා වැනි වරප්‍රසාද ලබාදීමට සැළසුම් කර තිබියදීත් මෙලෙස වර්ජනයේ නිරතවීම අනුමත කල නොහැකි බවයි අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »